ජනපති රනිල් තමන්ගේ මතය නිල වශයෙන් දැනුම්දෙයි..

United National Party Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jan 05, 2023 04:04 AM GMT
Report

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට ඊයේ (4දා) නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවා.

තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව දෙවසරක් ඇතුළත රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගැනීමට බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වරමින් පිට ක්‍රියා කිරීමට කිසි විටෙකත් සූදානම් නැතැයි ද එජාප නායකයන් හමුවේ අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණ දැනුම් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කොළඹ දී ඊයේ සවස හමුවූ අවස්ථාවේදී ය.

එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබේ නම් ඒ සඳහා වන තීරණය ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ මුලසුන සාම්ප්‍රදායානුකූලව පමණක් ගැනීමට තමන් ඉදිරිපත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකයන්ට දැනුම් දුන්නේය.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්දයට සහභාගී වන්නේ නම් අපේක්ෂක ලැයිස්තුවෙන් 40%ක් අලුත් මුහුණු දැමීම සුදුසු බව තම මතය යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා පත් වන සභිකයන් හාරදහසකට පමණක් පඩි සහ දීමනා වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බව කී ජනාධිපතිවරයා ඉතිරි පිරිස පඩි සහ දීමනා රහිතව නොමිලේ සේවය කරන්නේදැයි දැනුම් දිය යුතුව ඇතැයිද කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now