සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති වහාම වෙනස් වියයුතුයි - ජනපති අවධාරණය කරයි

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Health Sri Lanka
By Sithumi Sep 04, 2022 11:54 AM GMT
Report

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දි සිදු කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර මෙම වාර්තාව භාරදීම සිදු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේ දී පවතින අඩු පාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන ඇති බවද සඳහන්. එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර,මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා.

පසුගිය අවුරුදු කිහිපයේ දී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කරන ලද විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්..

සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍යයි – ජනපති

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාව අතරතුර මෙම වාර්තාව භාරදීම සිදු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේ දී පවතින අඩු පාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන තිබේ.

එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර, මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත. පසුගිය අවුරුදු කිහිපයේ දී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කරන ලද විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

ඖෂධ සඳහා රජය දරනු ලබන මුදලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සියුලින් හිඟයක් ද පවතින අතර එම ගැටලුව කඩිනමන් නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ඖෂධ මිල ඉහළ යාම අද රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති අතර අත්‍යාවශ්‍යය ඖෂධ සඳහා යම් සහනයක් ලබාදීමට රජයේ ප්‍රතිපත්තීමය තිරණයක අවශ්‍යතාවත්, ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් රෝගීන් ඖෂධ ලබා ගැනීමෙන් වැළකීම හෝ රජයේ රෝහල් සඳහා පැමිණීම වැඩිවීමෙන් මතුවිය හැකි ගැටලුකාරී තත්ත්වය පිළිබඳවත් මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා විය. කොළඹ ජාතික රෝහල, කලුබෝවිල රෝහල සහ ජයවර්ධනපුර රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිපත්තිමය වෙනසක් අත්‍යාවශ්‍ය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වෛද්‍යවරුන් සඳහා අමතර රාජකාරී දීමනා ගෙවීම, වෛද්‍යවරුන් සඳහා නිල ප්‍රවාහන පහසුකම් සහ එම දීමනා සංශෝධනය, විදේශ නිවාඩු සම්බන්ධයෙන් වූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සම්න්ධව හා රාජ්‍ය සේවයේ වෘත්තිකයන් සඳහා බදු සහන මත ඉලෙක්ට්‍රිකල් වාහන ගෙන්වීම පිළිබඳව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා වෙත සිය යෝජනා ඉදිරිපත් කළහ. වෛද්‍ය සංචාරක ව්‍යාපාරය මෙරටට හඳුන්වාදීම සහ සංවර්ධනය කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණ.

රජ රට, පේරාදෙණිය, කරාපිටිය ආදී විශ්වවිද්‍යාල ප්‍රතිපාන කොමිෂන් සභාවේ අනුමත සියලු විශ්වවිද්‍යාලවල ශ්‍රේණි උසස් කිරීම සඳහා වෘත්තීය සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පවතින බවත්, විශ්වවිද්‍යාල මගින් එවැනි අධ්‍යයන පාඨමාලා පිරිනැමුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා ව්‍යවස්ථාවෙන් එය අනුමත කර නොමැති බැවින් ඒ සඳහා රජය ගත යුතු ප්‍රතිපත්තිමය තින්දු තීරණ සහ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවත් අවධානයට ලක් විය.

විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ට විදේශ විනිමය යැවීමේ දී මතුව ඇති දුෂ්කරතාව පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු පෙන්වා දුන් අතර එහිදී ජනාධිතිවරයා අවධාරණය කළේ මෙරට උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති විදේශ විනිමය ඉපැයීමට හැකි අයුරින් වෙනස් විය යුතු බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වයි.වී.එන්.ඩී. සිරිසේන මහතා ඇතුළු සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW