ජනපති ස්ටාලින් අමතයි

Ranil Wickremesinghe Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sithumi Aug 07, 2022 01:04 PM GMT
Report

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිබෙන්නේ නීතිමය කටයුත්තක් බවත් තමා ඒ ගැන ස්ටාලින් මහතා සමග කතා කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නීතිය කැඩූ අය සහ අනිත් අය තෝරා බේරා ගැනීමෙිදී ප්‍රශ්නයක් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

"සිස්ටම් චේන්ජ්" ගැන කතා කරන අරගලකරුවන් අගය කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අරගලය නිසා හොඳ දේ මෙන්ම නරක දේත් සිදු වු බව සඳහන් කළ ජනාධිපතිවරයා හොඳ විතරක් තියාගෙන නරක පැත්තකට දාමු යැයිද නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩු පාඩු වුණා නම් සාකච්ඡා කර ඒවා විසඳා ගනිමු යැයිද කීය. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.

................................................................................................

you may like this video-:


හිටපු ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now