අරගලකරුවන්ගේ ඉල්ලීම පිළිගෙන නව ජනපති, රටේම කරන්න යන විශේෂ වෙනස..!
අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීම වන අතර තමා ද එය පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමින්.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරු විසින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළි ගනු ලැබුවා.
සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.
තමා ජනාධිපති ධූරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |