වැඩ බලන ජනපති දැඩි තීරණයක් ගනී..

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Jul 19, 2022 01:16 AM GMT
Report

විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට බාධා එල්ල කිරීමට හෝ යළි ගොඩනැගිලි අත්පත් කිරීමට කිසිදු අයුරකින් තමන් ඉඩ නොතබන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

CNN ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ " රටේ නීතිය සහ සාමය තිබිය යුතු බවයි."

රටේ පවතින උද්ඝෝෂණ, විරෝධතාවයන් සහ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ද වැඩබලන ජනාධිපතිවරයා මෙසේ අදහස් පලකර තිබුණා.

" පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑමට බාධාවක් වෙන්න එපා.

රටපුරා හදිසි නිතිය ප්‍රකාශයට පත් කලේ ජුලි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බාධාවක් ඇතිවුවහොත් එය පාලනය කිරීමටයි. පොලිසියට, හමුදාවට අප උපදෙස් ලබාදී තිබෙනවා.

සෑම අවස්ථාවකදීම ගිනි අවි භාවිතා නොකරන්න කියා.

නුමුත් විරෝධතාකරුවන් ඇතැම් අවස්ථාවන් වලදී ආරක්ෂක අංශ පහරදී තිබුනත්, අපි ඔවුන්ට නැවත උපදෙස් ලබාදුන්නා හැකි සෑම විටම ගිනි අවි භාවිතා නොකරන්න කියා." වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
;join now