වැඩබලන ජනපති හදිසියේම සිදුකල විශේෂ ප්‍රකාශය..(VIDEO)

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Sri Lankan political crisis
By Sewvandhi Jul 18, 2022 10:14 AM GMT
Report

කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පැහැදිලි කළේ, මැයි 13 වැනි දා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බව යි.

එතැන් සිට මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩු කර ගොවි ජනතාවට පොහොර ලබා දී රටේ ගෑස් හිඟයට ද විසඳුම් ලබාදුන් බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කරනවා.

ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වන දා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව යි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් වශයෙන් අවධාරණය කරන්නේ.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහාය ලබා ගෙන, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බව ද වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now