රට පුරා හදිසි නීතිය යළි හදිසියේම පනවයි..

Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jul 18, 2022 01:49 AM GMT
Report

ශ්‍රී ලංකාව තුළ අද(18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(17) රාත්‍රියේ නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery