වැඩබලන ජනපතිගෙන් ආරක්ෂක අංශ වෙත විශේෂ නියෝගයක්..!

Police spokesman Sri Lanka Army Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jul 17, 2022 10:34 AM GMT
Report

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තොරාගැනීමේ දී මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන එල්ල කිරීම හේතුවෙන් තමන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවට මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් වැඩබලන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙලෙස උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීතිපනත් යටතේ විමර්ශනය කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව වෙත යාමට හා ඒමට මෙන්ම පාර්ලිමේන්තුව තුළ දී නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු අතර ඊට එරෙහිව කටයුතු කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සහ තර්ජනයක් බව වැඩබලන ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now