සජිත් අගමැති කර නාමල් විපක්ෂනායක කරන්න ජනපති සූදානම්..පණිවුඩය අරගෙන ප්‍රබලයින් දෙදෙනෙක් යයි..

Parliament of Sri Lanka Namal Rajapaksa Ranil Wickremesinghe Sajith Premadasa
By Aruna Apr 14, 2023 06:23 AM GMT
Report

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් විසින් සඳහන් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සුළු ජාතික පක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.

වත්මන් ආණ්ඩුවට සහාය දීමට ඕනෑම අවස්ථාවක සුළු ජාතික පක්ෂ ලෙස තමන් සූදානම් බව, සුළු ජාතික පක්‍ෂ නියෝජිතයන් සඳහන් කර ඇත.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දක්වා ඇත්තේ තනි තනි පුද්ගලයන් හෝ තනි තනි පක්ෂ ලෙස නොව කණ්ඩායමක් ලෙස ම සජිත් ප්‍රේමදාස මහතා ද සමග ආණ්ඩුවට සහයෝගය දීම වඩාත් සුදුසු බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරයද ලබාදීමට සූදානම් බවද රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට සඳහන් කර තිබේ.

රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ බව දැනුම් දී ඇති බවද ප්‍රධාන ගුවන්විදුලි නාලිකාවක් විසින් ද වාර්තා කර තිබේ.

මේ අතර ඉදිරියේදී සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතා ගෙන ඒම සඳහා වන සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මත දෙකක් ඇතිව තිබෙන අතර එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ, තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියට යා යුතු බවයි.

නාමල් රාජපක්ෂ මහතා විපක්‍ෂ නායක කරමින් ඔහු සමග විපක්ෂයට යාමටත් කැමැත්ත පළකර ඇත්තේ මන්ත්‍රීවරුන් තිහකට අඩු පිරිසක් බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී සිදුවන දේශපාලන වෙනසක් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායකකම ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම ක්‍රියාත්මක වීමට නියමිතව බවද පැවසේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now