ඩොලරය යළි රුපියල් 185 දක්වා අඩුවෙයි.. ජනපති ගෙන් රටටම සුබ පණිවුඩයක්..
අප රුපියල ස්ථාවර කරන්නේ කෙසේද? යන්නත් සලකා බැලිය යුතුයි. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි’ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.
නමුත් එම තත්ත්වය වෙනස් කර, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට පසුගිය මාස 07 තුළ තම කණ්ඩායමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නොවන බව අවධාරණය කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ (19) අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
ඉදිරි වසර දෙක තුළ දියුණු වන රටක් සියලුදෙනාට දැක බලා ගත හැකි බවත්, කලාපයේ වඩාත් සෞභාග්‍යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා අද දවසේ ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ආර්ථිකය ගොඩනැඟීම ද සිදු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
2048 වන විට ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් බවට පත්කිරීමේ 25 වසරක සැලැස්ම මේ වන විටත් ක්‍රියාවට නංවා තිබෙන අතර, එය සාර්ථක කර ගත හැක්කේ වත්මන් තරුණ පරපුරේ කැපවීම මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, විසාඛා විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දිවයින පුරා පාසැල් රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700ක් පමණ සහභාගි වී සිටියහ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |