ජනාධිපති හා පොහොට්ටුව අතර ගැටුමක්.

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna
By Aruna Aug 17, 2022 05:05 AM GMT
Report

පළාත් නවය සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිහිප දෙනකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් තීරණය කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ආණ්ඩුකාර ධුරයන් සඳහා වෙන වෙනම නම් යෝජනා කිරීම හේතුවෙන් මෙම අවුල්සහගත තත්ත්වය ඇති වී තිබේ.

හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, ජෝන් අමරතුංග, නවීන් දිසානායක හා වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශාමෙල් සෙනරත් යන අය එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුකාර දුර සඳහා යෝජනා වී ඇත.

මේ අතර දැනට ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන තිදෙනකුට තවදුරටත් එම ධුරයන් හි කටයුතු කිරීමට ඉඩ සලසා දෙන ලෙස පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලලිත් යූ ගමගේ, විලී ගමගේ, ඒ.ජේ. මුසම්මිල් තවදුරටත් එසේ ආණ්ඩුකාර ධුරයන්හි කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now