හැමෝගෙම සිත් සංවේදී කළ මල්ලි වෙනුවෙන් යුතුකම් ඉටු කළ පුංචි රන්දිය අවසන් ගමන් යයි. (VIDEO)

Sri Lanka
By Wayomi Mar 13, 2023 08:36 AM GMT
Report

ඔබට මතක ඇති පසුගිය දවසක අප facebook පිටුව හරහා පල කළ මරණය පෙනී පෙනී මල්ලිට යුතුකම් ඉටුකළ තර්ස්ටන් විද්‍යාලයේ රන්දිය ගැන.

තමන්ගේ නොවුණත් තමන්ගේ හදවතට වඩාත සමීප වූ පුංචි රන්දියගේ කතාව තාමත් හැමෝම අතරේ share වෙද්දී, ඔහු මෙන් වන විට දහසකුත් බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙන සදහටම අපෙන් නික්ම ගිහින්.

රන්දිය කියන්නේ, තර්ස්ටන් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කලාවට මෙන්ම ඉගෙනීමට බොහෝ දක්ෂතා තිබූ දරුවෙකි.

හිටි හැටියේම අසනීප වෙන රන්දිය දරුණු ගණයේ ලියුකේමියා රෝගී තත්ත්වකට මුහුණදීමට සිදුවුණා.

ඒ නිසාවෙන් ම රන්දියට ඇති ජීවිත අවධානම ගැන දෙමව්පියන්ට දැනුම්දීමට වෛද්‍යවරු කටයුතු කර තිබුණා.

හැමෝගෙම හිත් උණු කරපු රන්දියගේ කතාව මෙන්න.

(එතනින් එහාට යන හැඟීමක්.තමන්ට ලේ බැඳීමක් තියන කෙනෙක්ට නම් සහකම්පනය කොහොමත් තියනවා.

එහෙම බැඳීමක් නැතුවත් තියෙන්න පුළුවන් ද? ඔව් පුළුවන්....

තර්ස්ටන් විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය දරුවන් ගැන පෞද්ගලිකවම හොයන බලන පිරිසක්..ළමයි හාරපන්දහසක් අස්සේ ඒ වැඩේ කරන්න පුළුවන්ද?ඔව්...පුළුවන්.

9 වසරේ ඉගෙනගත්ත "රන්දිය" ගැනයි මේ කතාව.

රන්දිය කාගෙත් ආදරය දිනාගත් දක්ෂ දරුවෙක්.වෛද්‍යවරු කියලා තිබුණා රන්දිය ජීවත්වෙන්නේ තව ටික කාලයයි කියලා. අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කාලෙම රන්දිය මුළු වාට්ටුවම තමන්ගේ වසඟයට ගත් දරුවෙක්.

ඔහුට වෛද්‍යවරු,හෙදියන් ඇතුළු හැමෝම ආදරේ කළා.රන්දිය පාට කඩදාසිවලින් කරපු ලස්සන ලස්සන නිර්මාණවලින් මුළු වාට්ටුවම හැඩවෙලා තිබ්බා.

ඉස්කෝලෙන් රන්දියට ඈත්වෙලා ඉන්න සිද්ධවුණත් විදුහල්පතිතුමා සහ ගුරුවරු රන්දියව තනිකළේ නෑ.

නිතරම රෝහලට ගියා..හොයලා බැලුවා.

වාට්ටුවෙදි රන්දියට බත් කවන්නෙත් පන්තිභාර ගුරුතුමී.

රන්දියව බලන්න යන එක අවස්ථාවක විදුහල්පති තුමා රන්දියගෙන් අහනවා, "පුතේ..මට මොනවද පුතා වෙනුවෙන් කරන්න පුළුවන්?" කියලා.

"සර්...මට තව ටික දවසකින් පස්සේ ඉස්කෝලේ එන්න වෙන්නෙ නෑනේ...මගේ මල්ලි යන්නේ ගමේ පුංචි ඉස්කෝලෙකට.සර් ට පුළුවන්ද මල්ලිව තර්ස්ටන් එකට ගන්න.මං හරි ආසයි එයා තර්ස්ටන් එනවා දකින්න." ඉන් ටික දවසකට පස්සේ රන්දියගේ ඉල්ලීම ඉටුවෙනවා..

මල්ලි තර්සටන් එනවා බලන්න ආසයි කිව්ව රන්දිය ම තමයි මල්ලිව ඉස්කෝලෙට එක්කගෙන එන්නෙත්.

ප්‍රතිකාර අතරේ ඉස්කෝලෙට එන රන්දිය ව පිළිගන්න එදා ඉස්කෝලෙ උත්සවයකුත් සංවිධාන කරලා.

හිතන්නකො... දරුවෙක්ගෙ අන්තිම කැමැත්ත ඉටු කරන ගමන් එයාව සතුටු කරන්න පුංචි උත්සවයකුත් ඉස්කෝලෙ.

පහුගිය දවසක ඉස්කෝලෙ තිබ්බ චිත්‍ර තරගෙන් රන්දියගේ මල්ලි දිනලා..

සහතිකේ අරන් සතුටින් එළියට ආව පැංචා ව අල්ලගෙන ෆොටෝ එකකුත් ගත්තා මම.

වෛද්‍ය විනිශ්චයට අභියෝග කරන්න බැරිම තැන රන්දිය එයාගේ ජීවිතය ගැන අපේක්ෂාව අත්හැරියා..

පහුගිය පෙබරවාරි 05 වැනිදා රන්දිය යන්නම ගියා.

අයියාගේ මතක එක්ක දැන් ඉස්කෝලෙ ඉන්නෙ මල්ලි.

එයා දවසක රන්දියගේ අපේක්ෂාව ඉටු කරයි.

රන්දිය හදලා දීපු කඩදාසි නිර්මාණය තාමත් විදුහල්පතිතුමාගේ මෙසේ උඩ.

"මේක පුළුවන්තරම් කල් මම මෙතනින් තියාගන්නවා'මේසෙන් අයින්කරන්නේ නෑ" රන්දිය ගැන කියද්දි සර් කිව්වෙ එහෙම.

එක් දරුවෙක් වෙනුවෙන් මේ තරම් කැපවෙන්න,ආදරය දෙන්න ඉස්කෝලෙකට පුළුවන්ද?

ඔව් පුළුවන්..

තර්ස්ටන් කියන්නේ "කොළඹ හතේ ඉස්කෝලයක්" විතරක්ම නෙවෙයි. )


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්