සිසුවියන් නිරුවත් කර ඡායාරූප ලබාගන්නා ටියුෂන් ගුරුවරයා

Sri Lanka Crime
By Sewvandhi Jul 17, 2022 07:50 AM GMT
Report

උපකාරක පන්ති පවත්වාගෙන යන පාසල් ගුරුවරයකුගේ උසස් පෙළ පන්තිට සහභාගී වූ සිසුවියන් සිවු දෙනකුගේ නිරුවත් ඡායාරූප ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර ගුරුවරයා රම්බොඩගල්ල හා මාවතගම ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වාගෙන යන අතර සැකකරු පාසල් ගුරුවරයකු බව ද පොලිසිය පවසයි.

සිසුවියන් සිව් දෙනාට වැඩිදුර ඉගැන්වීමට බව පවසා මෝටර් රථයෙන් වරින් වර රැගෙන ගොස් මෝටර් රථය නවතා ඒ තුළදීම මෙසේ ඡායාරූප ගත් බව එම සිසුවියන් පොලිසියට කියා ඇත.

සැකකරුගේ ඡංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී සිසුවියන් සිවු දෙනාගේ නිරුවත් ඡායාරූප එහි සටහන් වී තිබූ බව ද පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now