රාජිත ඉවත් කරන්නැයි මන්ත්‍රීවරු රැසක් සජිත්ගෙන් ඉල්ලයි..

Dr Rajitha Senaratne Sajith Premadasa Samagi Jana Balawegaya
By Aruna Apr 08, 2023 07:29 AM GMT
Report

සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

රාජිත සේනාරත්න මහතා පක්ෂයේ තීරණවලට පටහැනි වන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින හෙයින් ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල හානියක් බව එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

එහෙත් පක්ෂ නායකත්වය මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැතැයි ද දැනගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now