රාජිත සේනාරත්න නැවතත් කරලියට..

Dr Rajitha Senaratne Government Employee
By Sithumi Apr 13, 2023 06:29 PM GMT
Report

යම් කාල රාමුවකට යටත්ව සියලු පක්ෂ එක්ව රජයට සහාය විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා. 

 එම කාර්යය සඳහා සමගි ජන බලවේගය පෙරමුණ ගත යුතු බවයි හෙතෙම කියා සිටියේ. තනිවම ආණ්ඩුවට එක් වීමේ කිසිදු උවමනාවක් තමන්ට නැති බවත් එසේ වුවමනාවක් තිබුණේ නම් තවමත් පක්ෂය තුළ මෙසේ මතවාදී හඬක් නොනගන බවද හෙතෙම පෙන්වා දෙනවා.

සමාන දේශපාලන ප්‍රතිපත්ති දරන කණ්ඩායම් දෙකක් භාවිතයේ ඇති යම් වෙනස්කම් පෙන්වමින් දෙපිල බෙදී සිටීම එම පක්ෂ දෙකේම පාක්ෂිකයන්ට මෙන්ම රටටද සිදු කරන අසාධාරණයක් බව තම හැඟීම බව හෙතෙම කියා සිටින අතර සමගි ජන බලවේග විනය කමිටුව වෙත තමන් කැඳවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු තව දුරටත් කියා සිටියා.