රාජගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

By Sithumi Jan 21, 2023 03:21 PM GMT
Report

 රාජගිරිය, බුත්ගමුව පාර මහනියර හංදිය ආසන්නයේ අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 56ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  

යතුරු පැදියකින් පැමිණී පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

  ව්‍යාපාරික ස්ථානයක පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර සැකකරුවන් සොයා වැලිකඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.