පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන බැංකුව ගත් හදිසි තීරණය.

Government Of Sri Lanka People's Bank
By Wayomi Jan 25, 2023 03:34 AM GMT
Report

මහජන බැංකුව ණය පොලී අනුපාත 15.5% දක්වා ඉහළ දැමීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පසුගිය 30 වෙනිදා වෙළදපොළ පොලී අනුපාත ඉහළ යාමට සාපේක්ෂව දැනට නිකුත් කර ඇති ණය සඳහා 15.5% දක්වා පොලී අනුපාත ඉහළ දැමීමට මහජන බැංකුව තීරණය කළා.

කෙසේ වෙතත් පසුගිය 20 වැනිදා සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව නිකුත් කර ඇති ණය සඳහා වන පොලී අනුපාත 15% ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට පියවර ගැනුණා.

එහිදි විශේෂත්වය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ නිකුත් කර තිබු ණය පහසුකම්වල පවා පොලීය ඉහළ දමා තිබීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW