කලින් කලට වහින වැස්ස ඇතිවෙන්නේ ‌කොහොමද...?

Department of Meteorology
By Subodha May 27, 2022 03:53 AM GMT
Subodha

Subodha

in රචනා
Report

වැස්ස යනු ලොකු පොඩි අප සියළු දෙනාටම වැදගත් දෙයක් ඒ අප වැස්සට බෙහෙවින් ආදරය කරන නිසා පමණක් නොව අපට ජලය නැතිව ජිවත් විමට නොහැති නිසාය. ජලය ඇති විමට නම් වර්ශාව තිබිය යුතුමය. වැස්ස යනු වායුගෝලීය ජල වාෂ්ප වෙතින් ඝනීභවනය වීමෙන් පසු ජනිත වන සහ ඉන්පසු බර අධික වීම නිසා ගුරුත්වය යටතේ ඇද වැටෙන බිඳිති ආකාරයක ද්‍රව ජලය වෙයි.

වැස්ස යනු ජල චක‍්‍රයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර පෘථිවිය මත මිරිදිය තැන්පත් වීම සඳහා හේතු කාරක වෙයි. බොහෝ ආකාරයේ පරිසර පද්ධතීන් පැවැත්ම සඳහා සුදුසු තත්ත්වයන් එය විසින් සපයන අතරම, ජල විදුලිමය බලාගාර සඳහා සහ බෝග සඳහා ජල සම්පාදනයට අවශ්‍ය ජලයද සපයයි. ;

ඇත්තට ම වැසි වහින්නේ ඇයි ? කල්පනා කරලා බැලූවහම වැස්ස පමණක් නොවෙයි හිම , හිම කැට වැස්ස ඇති වන්නේ ඇයි? ජලයෙහි මෙකී ස්වරූප කිසිවක් ම පැහැබර නිල්වන් අහසකින් ඉබේ කඩා වැටෙන්නේ නැහැ. වැස්ස වහින්න නම් වලාකුළු ඕනෑමයි. එහෙම නම් වලාකුළු සෑදෙන්නේ කුමකින් ද? වලාකුළු සෑදෙන්නේ පෘථිවියේ මතුපිටින් වාෂ්පීකරණය වූ ජලය හෝ අයිස් මගිනුයි. එහෙම නැතිනම්, ශාක පිට කරන ජලය හා ප‍්‍රභාසංස්ලේෂණය නිපැයුමක් ලෙස පිටවන ඔක්සිජන් මගින්. එය වාෂ්පිකරණය වූ විට ඒ කියන්නේ මහ පොළොව මතුපිටින් වායුගෝලය වෙත ඉහළට නගින විට ජලය තිබෙන්නේ වායුවක ස්වරූපයෙන් ජල වාෂ්ප ලෙස .

මේ ජල වාෂ්ප සිසිල් වී ඝනීභවනය වුණාහම වලාකුළු බවට හැරෙනවා. ජල වාෂ්ප තව තවත් ජල බිංදු බවට අනෙකුත් ජල බිංදු වලට ඝනීභවනය වෙද්දී මේ ජල බිංදු වැඩෙන්නට පටන් ගනී. මෙලෙස එම ජල බිංදු බරින් වැඩි වී, වලාකුළ ඇතුළත උත්ක්ෂිප්තය නොතකා වලාකුළ තුළ අවලම්භනය වී සිටිය නොහැකි වූ විට එම ජල බිංදු වැස්ස ලෙස මහ පොළොවට ඇද හැලෙයි.  


GalleryGallery