අද සිට මාස 5ක් නතරවන දුම්රිය

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Jan 05, 2023 02:45 AM GMT
Report

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බවයි.

එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කරනවා.

කෙසේවෙතත් යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර සිට බස් රථ මගින් යාපනය දක්වා ගමන් කිරීමට පහසුකම් සලසන බව ද ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now