දුම්රිය ගාස්තු ඉහළට - ඒ අනුව ඉහළ ගිය, නව මිල ගාස්තු මෙතනින්..

Transport Fares In Sri Lanka
By krishani Jul 23, 2022 02:26 AM GMT
Report

අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

නමුත් දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ, ගැටලු කිහිපයක් හේතුවෙන් අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරිම සිදුකළ නොහැකි බව‍ය.

නව දුම්රිය ගාස්තු සංශෝධනය ලෙස රුපියල් 10 ක් පැවැති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ යන අතර දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50 ක් වේ.

පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙන අතර පළමු කිලෝමීටර් 10 තුළ එක් කිලෝ මීටරයකට තුන්වන පන්තිය සඳහා රුපියල් 2 යි ශත 60 කින් සහ දෙවන පන්තිය සඳහා රුපියල් 5 යි ශත 20 කින් මෙන්ම, පළමු පන්තිය සඳහා රුපියල් 10 ශත 40 කින් දුම්රිය ගාස්තු ඉහළ දමා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join