ඔබේ පියාගෙන් පමණක් ඔබට උරුම වන ලක්ෂණ 6 ක්

By Wayomi Aug 28, 2022 10:00 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ජීව විද්‍යාවට අනුව, අපේ DNA වෙතින් 50% ක් අපේ මවගෙන් සහ 50% ක් පියාගෙන් උරුම වනවා. නමුත් මේ විද්‍යාත්මක කරුණෙන් අදහස් වෙන්නෙ දෙමව්පියන් දෙන්නම තම දරුවාට භෞතික ලක්ෂණ සහ ජානමය ලක්ෂණ සමාන ප්‍රමාණයක් ලබා දෙන බව නෙවෙයි. ඇත්තටම, දරුවන්ට එයාලගේ ජානමය ලක්ෂණවලින් 60% ක්ම ලැබෙන්නෙ තමන්ගේ පියාගෙන්. අපි බලමු ඒ මොනවද කියලා.

01. උස

? “එයා නම් එයාගෙ තාත්තා වගේම උසයි” කියලා අපිත් සමහර අය ගැන කතා වෙලා තියනවා නේද? ඇත්තටම මේ බව විද්‍යාවෙනුත් තහවුරු කරලා තියනවා. පුද්ගලයෙකුගේ උස තීරණය වෙන්නෙ දෙමව්පියන් දෙදෙනාගෙන් උරුම වී ඇති ජානමය වෙනස්කම් 700 කින්.

? නමුත් දෙමාපියන් දෙදෙනාගේම උස ජානය ක්‍රියා කරන්නනේ තරමක් වෙනස් විදිහකටයි. උදාහරණයක් විදිහට කියනවා නම් පියාගේ ජාන වර්ධනය උත්තේජනය කිරීමේදී වැදගත් වන අතර එම නිසා ඔබේ උස තීරණය වන්නේ පියාගේ ජාන වලට අනුවයි.


02. වෙනස් දත්

? පියාට දුර්වල දන්ත සෞඛ්‍යයක් තියන අවස්ථාවලදී, මවට හොඳ දන්ත සෞඛ්‍යයක් තිබුණත්, දරුවාට ලැබෙන්නේ දුර්වල දන්ත සෞඛ්‍යයක්. සමහර විට දත් කුහරවල සිට දත් දිරායාම දක්වා සහ ඒ අතර තිබෙන සියලුම දන්ත ගැටලු පියාගේ මුඛයෙන් කෙලින්ම දරුවාට ලැබෙන්න පුළුවන්.


03. ලිංගභේදය

? අලුත උපන් බිළිඳුන්ගේ ලිංගභේදය සඳහා 100% ක්ම වගකිව යුතු වෙන්නෙ පියායි.

? ලිංගික වර්ණදේහ කියලා පොදුවේ හඳුන්වන X සහ Y වර්ණදේහ මගින් තමයි දරුවාගේ ලිංගභේදය තීරණය වෙන්නේ.

? ගැහැණු ළමයින්ට තම පියාගෙන් X වර්ණදේහයක් උරුම වන අතර, එහි ප්‍රතිඵලයක් විදිහට XX ප්‍රවේණි වර්ගයක් ඇතිවෙනවා. පිරිමි ළමයින්ට තම පියාගෙන් Y වර්ණදේහයක් උරුම වන අතර, එවිට XY ප්‍රවේණි වර්ගයක් ඇතිවෙනවා.

? මව්වරුන්ට තියෙන්නෙ X වර්ණදේහ විතරක් නිසා, දරුවාගේ ලිංගභේදය සම්පූර්ණයෙන් පාලනය කරන්නේ පියවරුන් කියලා කියන එක නිවැරදියි.


04. ඩිම්පල්ස්

? ගොඩක් සංස්කෘතීන්වල ඩිම්පල් කියන්නෙ අලංකාරය සහ ආකර්ෂණීය බවේ සලකුණක් විදිහට සැලකෙනවා.

? නමුත්, විද්‍යාඥයින් කියන විදිහට ඩිම්පල් කියන්නෙ මුහුණේ මාංශපේශී කෙටි වීම නිසා ඇති වූ දෝෂයක්. ඒ වගේම ඩිම්පල් ඇති වෙන්නෙත් පියාගේ ජානමය උරුමයක් විදිහටයි.


05. ඇඟිලි සලකුණු

? සාමාන්‍යයෙන් ඇඟිලි සලකුණු දෙකක් එක සමාන වෙන්නෙ නෑ. නමුත් ළදරුවෙකුගේ ඇඟිලි සලකුණු එයාගේ පියාගේ ඇඟිලි සලකුණු වලට සමාන වෙන්න පුළුවන්.

? ඒ කියන්නෙ ඇඟිලි සලකුණු රටාවත් අපට තාත්තාගෙන් උරුම වුණු ජානමය ලක්ෂණයක්.


06. කිවිසුම් යාම

? හිරු දෙස හෝ වෙනත් දීප්තිමත් ආලෝකයන් දෙස බලාගෙන ඉන්නකොට පාලනයකින් තොරව කිවිසුම් යන එකත් දරුවෙක්ට තම පියාගෙන් ලැබෙන ජානමය ලක්ෂණයක්.

? මේ තත්ත්වය Achoo syndrome ලෙස හඳුන්වනු ලබන අතර එය පිය පාර්ශ්වයෙන් දරුවන්ට උරුම වෙනවා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW