QR ක්‍රමයට තවත් බාධාවක් - පිරවුම්හල් හිමියන්ගේ සංගමයෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Jul 21, 2022 02:02 AM GMT
Report

රජය විසින් ඉන්ධන නිකුත් කිරීමට යෝජිත මෘදුකාංගය ඔස්සේ ඉන්ධන බෙදාහැරීම ඉතාමත් අපහසු කාරණාවක් යැයි රට පුරා සියලුම පිරවුම්හල් හිමියන් දැනුම් දී ඇතැයි ඉන්දන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා කියා සිටින්නේ ඊට අවශ්‍ය ජංගම දුරකථන නොමැති බව පිරවුම්හල් හිමියන් විසින් දන්වා ඇති බවයි.

ඊට අවශ්‍ය පහසුකම් සහිත ස්මාට් ජංගම දුරකථන මිලදී ගැනීමට දැන් වෙළඳපොලේ නැති බවත් කොළඹ නගරයේ ද ඒවා නැති බව පැවසූ ඔහු තදාසන්න ප්‍රදේශවල කෙසේවත් සොයා ගැනීමට නැතැයිද පැවසීය.

එනිසා එම පහසුකම් සහිත ජංගම දුරකථන ලබා දෙන ලෙස තෙල් සංස්ථාවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now