දැන් ඉන්ධන ගන්න QR කෝඩ් වැඩක් නෑ..හේතුව මෙන්න..
Fuel Price In Sri Lanka
Sri Lanka
National Fuel Pass
By Aruna
මෙරට තුළ ක්‍රියාත්මක කරමින් ඇති ඉන්ධන කේත ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඵලදායි නැති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරනවා.
2022 ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා වූ කාලයේ දී ඉන්ධන භාවිතය විශාල ලෙස අඩුවී ඇති බවත් ඉන් පෙන්නුම් කරන්නේ මෙරට ආර්ථිකය බරපතල හැකිලීමක් බව ද හෙතෙම පවසයි.
මෙම තත්වය යටතේ කෝටා ක‍්‍රමයට ලබා දෙන ප්‍රමාණය මිලදී ගැනීමට පවා ජනතාවට ආර්ථික හැකියාවක් නැති බැවින් තවදුරටත් එම ක්‍රමය ක්‍රියාත්මක වීම අවශ්‍ය නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
පසුගිය කාලය තුළ දී ඩීසල් 54%කින්, පෙට්‍රල් 35%කින්, භූමිතෙල් 75%කින් භාවිතය අඩුවී ඇති බවත් ඔහු පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන්න තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |