QR කෝටාව ගැන අලුත්ම තීරණයක්..!සෑම අඟහරුවාදාම කරන්න යන දේ

Sri Lanka Kanchana Wijesekera National Fuel Pass
By Sewvandhi Mar 08, 2023 09:51 AM GMT
Report

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කලේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බවයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මීට පෙර QR කෝටාව යාවත්කාලීන කෙරුණේ සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදීය. එමගින් ඇතිවන බෙදාහැරීමේ පිරිවැය අවම කරගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ අතර අදාළ ට්විටර් පණිවුඩයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ QR කෝටාව හරහා සතිකට ලැබෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදුනොවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now