හෙට දිනයේ දිවයින පුරාම QR කේතයට ඉන්ධන
QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම හෙට (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙයි. අංක ක්‍රමවේදයට අදත් ඉන්ධන නිකුත් කෙරුණත් ප්‍රදේශ රැසක ජනතාව අපහසුතාවට පත්ව තිබුණේ පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීම හේතුවෙනි. පසුගිය දිනවල සිදු කෙරුණු QR කේත නියමු ව්‍යාපෘතිය සාර්ථක බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20කදී රථවාහන 4,708ක් යොදාගනිමින් ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමවේදය අත්හදාබැලූ බව ට්විටර් පණිවිඩයක් නිකුත්මින් අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර වැල්ලවාය සිපෙට්කෝ පිරවුම්හලට ඊයේ ඉන්ධන ලැබී තිබුණු අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.
ඒ ඊයේට නියමිත අංක සහිත පුද්ගලයින් හා ඊට පෙර දිනයට අදාළ අංක හිමි පිරිස් අතරය. අංකය අනුව පෙරේදා දින ඉන්ධන ලැබිය යුතු පිරිසට එදින ඉන්ධන නොලැබීම ගැටලුවට හේතුව වී තිබුණි.
හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින ගණනාවකට පසු ඊයේ රාත්‍රියේ ඉන්ධන ලැබී තිබුණි. ත්‍රිකුණාමලය චීන වරාය IOC ඉන්ධන පිරවුම්හලට අද ඉන්ධන නොලැබීම නිසා ඒ පිළිබඳ විමසීමට ජනතාව පිරවුම්හලට නුදුරින් පිහිටි තෙල් බෙදාහැරීමේ පර්යන්තය වෙත ගොස් තිබුණි. එහිදී එම නිලධාරීන් පවසා ඇත්තේ ඉරිදා දිනවල බෙදාහැරීම් කටයුතු සිදු නොකරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |