විරෝධතා මැද 80ක් අත්අඩංගුවට - නගර ශාලාවකටත් ගිනි තියලා..

France Fire
By krishani Mar 24, 2023 11:18 PM GMT
Report

විශ‍්‍රාම වැටුප් වයස ඉහළ නැංවීමට සැලසුම් කිරීම ගැන ප‍්‍රංශ විරෝධතා අඛණ්ඩව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ (23) දිනයේ, විරෝධතාකරුවන් විසින් Bordeaux නගර ශාලාවට ගිනි තබා ඇත.

ප්‍රංශය පුරා මිලියනයකට අධික ජනතාවක් වීදි බැස ඇති අතර අගනුවර රැස්ව සිටි විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

රට පුරා පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගිනි නිවන භටයින් විසින් එය ඉක්මනින් මැඩපවත්වා ඇත.

විශ‍්‍රාම යන වයස අවුරුදු දෙකකින් එනම් 64 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ වුයේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join