"..වහාම රටෙන් එළවා දමන්න.." ජනපති ගෝඨාභයට එරෙහිව මාලදිවයිනේ දැඩි විරෝධතා - (VIDEO/ PHOTOS)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට එරෙහිව මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
මාලදිවයිනේ අගනුවර වන මාලේ හි ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් පවත්වන ආකාරය සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් බෙදා හරින ලද වීඩියෝ දර්ශන පෙන්වයි.
විරෝධතාකරුවන් ශ්‍රී ලංකා ජාතික කොඩිය සහ රජයට එරෙහි සටන් පාඨ සහිත පුවරු අතැතිව සිටිනු දක්නට ලැබේ. ඔවුන් මේ වන විට මාලදිවයිනේ නිවාඩු නිකේතනයක සිටින ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට එවන ලෙස ඉල්ලා සිටියි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම අද ප්‍රකාශ කරන බව ප්‍රකාශ කර තිබියදීත් අද අලුයම සිය පවුලේ අය සමඟ මාලදිවයිනට පලා ගිය බව වාර්තා වේ.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකාවේ මහජනතාව ඉල්ලා සිටිති. ඔහු සිය ඉල්ලා අස්වීම භාර නොදී රට හැර යාමට අමතරව දැනට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පත් කර තිබේ.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ මාලදිවයිනේ සිට සිංගප්පූරුව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.
Srilankan’s Living in Capital protesting against Gotabhaya coming to Maldives.#srilankancrisis #GotaGoHome @AzzamAmeen @stephajust @NewsfirstSL #GoHomeGota pic.twitter.com/j9FwWGygke
— auxam ?? (@auxamu) July 13, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |




