අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු සම්බන්ධයෙන් පොලිසිය කරන්න යන දේ
Sri Lanka Police
Galle Face Protest
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ මෙම ගොඩනැගිලි වල දේපළවලට සිදුවී ඇති හානි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙම ඇඟිලි සලකුණු හඳුනාගෙන ඇති බවයි.
එම ඇඟිලි සලකුණු පොලිස් අපරාධ ලේඛනාගාරයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් සමග සසැදෙන්නේ යන්න සොයා බලමින් සිටින බව ද වාර්තා වෙයි.
මෙම ඇඟිලි සටහන් දැනටමත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |