අරගලයට නැවතත් ප්‍රහාරයක්..? විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් අරගලකරුවන් කියන කතාව

Galle Face Protest Ranil Wickremesinghe Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 24, 2022 06:24 PM GMT
Report

නැවතත් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව ගාලු මුවදොර අරගලකරුවන් අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කළේ,

"මොකද්ද මේ නීතිය සාමය රකිනවා කියන්නේ. නිරායුධ අරගලකරුවන්ට එහෙම ගහන්න පුළුවන්ද?.. තිරිසං විදිහට. නැවතත් ප්‍රහාරයක් අද හෝ හෙට දෙන්න යනවා කියලා කියනවා. මේ අපිටද ගහන්නේ. එතකොට මේ ප්‍රශ්නය නිර්මාණය කරපු අය."

අරගලය අද 107 වන දිනටත් ක්‍රියාත්මක වන අතර අරගලකරුවන් තවමත් ගාලු මුවදොර උද්ඝෝෂණ භූමිය තුළ රැඳීසිටී.

මේ අතර අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ගය විය යුත්තේ, වත්මන් ජනාධිපතිවරයා ද පළවා හැර අග්‍රාමාත්‍යවරයාව එම ධුරයට ගෙන ඒම නොව, මහ මැතිවරණයක් හරහා නව ගමනක් ඇති කිරීම බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

සමාජවාදී තරුණ සංගමයේ නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා,

"මේ පහරදීම කළේ තමන් වැඩ්ඩෙක් කියන්න.අරගලකරුවන් කියලා කියන්නේ ආණ්ඩුව කියන තැනකදී විරෝධතාවය පෙන්වන්නන් නෙවෙයි."

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා,

"ඉන්න තැනක් නැති නිසා යාචකයින් නිදාගෙන හිටියා. රාජ්‍ය මර්දනය පටන් ගත්තේ යාචකයින්ට පහරදීලා. අරගලය කියන්නේ නැවතත් රනිල් එලවලා දිනේෂ් ජනපති කිරීම නෙවෙයි. අලුත් 225ක් සමග නව ගමනක් අවශ්‍යය."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now