සියලු මන්දිර හැරයාමට අරගලකරුවන් තීරණය කරයි..! හදිසියේම නිකුත්කළ විශේෂ නිවේදනය..(VIDEO)

Galle Face Protest Sri Lankan protests Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 14, 2022 07:13 AM GMT
Report

අත්පත් කරගත් ගොඩනැගිලිවලින් ඉවත්වීමට තමන් තීරණය කළ බව ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.

තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදුවූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පලා ගොස් ඇති බවත් අරගලකරුවන් නියෝජනය කරන ළහිරු වීරසේකර මහතා පැවසීය.


අද ඔහු ලොව කිසිම රටක් භාර නොගත් ජනාධිපතිවරයෙක් බවට පත්ව ඇතැයි කී වීරසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා ද තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් මිනී මරපු නායකයෙක් හා රටට කිසිම දෙයක් නොකළ අගමැතිවරයෙක් ලෙස ඉතිහාසගතවීමට නියමිත බව කීවේය.

අරගලය ආපස්සට නොගෙන අඛණ්ඩව පවත්වාගෙන යන බව කී වීරසේකර මහතා මෙම ගොඩනැගිලිවලින් ඉවත්වෙන්නේ ඒවා මහජන දේපල බවට පත්කරලමින් බව ද සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ගාලුමුවදොර පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. තවත් අරගලකරුවෝ පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now