අරගලයෙන් නව පක්ෂයක් ඇරඹේ..!

Galle Face Protest Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 18, 2022 02:49 PM GMT
Report

ජන අරගලයේ පුරවැසියෝ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ගාලුමුවදොර අරගලයේ නිරත නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසම් කාර්යාලය වෙත පැමිණියා.

පසුගිය අප්‍රියෙල් 09 වැනිදා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිපිට ඇරඹි ජන අරගලයේ 101 වැනි දිනය වු අද ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ පක්ෂය ලියාපදිංචි කිරීමට ඉල්ලීම කළා.

මේ අතර, ගාලු මුවදොර අරගලයේ නියෝජිතයින් පිරිසක් දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ නියෝජිතයින් සමග අදත් සාකච්ජාවල නිරත වුනේ එම පක්ෂ මුලස්ථාවලදීයි. 

එහිදි පළමුවෙන් ඔවුන් විපක්ෂ නායක කාර්යාලයේදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ජාවකට එක්වුණා. 

අනතුරුව ගාලු මුවදොර අරගලයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් හමු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now