අදින් කාලය අවසන් උනත් අරගලකරුවන් පිරිසක් ගාලු මුවදොරින් ඉවත් වීම ප්‍රතික්ෂේප කරයි

Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 10, 2022 03:18 PM GMT
Report

ගාලු මුවදොර භූමියෙන් ඉවත් වීම සඳහා අරගලකරුවන් වෙත ලබා දුන් කාලය අදින් අවසන් වුවද යම් පිරිසක් තවදුරටත් එහි රැඳී සිටීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි. පුද්ගලයින් 20දෙනෙකු පමණ එහි රැඳී සිටින අතර ඔවුන් සිටින අට්ටාල 7ක් පමණ ගලවා ඉවත්කරගෙනද නොමැත.

මේ අතර මෙම පිරිස අතර අද පස්වරුවේ නොසන්සුන්තාවක් ද ඇතිවූ බවට වාර්තා විය. අරගලභූමියේ ස්ථාපිත කර තිබූ වැසිකිළියක දොරවල් ගලවා ඉවත්කර දමා ඇතැයි චෝදනා කරමින් ඔවුන් අතර එම නොසන්සුන්තාව හටගෙන තිබුණි.

මේ අතර ගාලු මුවදොරින් ඉවත්වූ අරගල ක්‍රියාකාරීන් පිරිසක් අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔවුන් පැවසුවේ තවදුරටත් ගාලු මුවදොර රැඳී සිටින පිරිස් තම පාර්ශ්වයේ අය නොවන බවය.

මේ අතර ගාලු මුවදොර අරගලකරුවන් ඊයේ නිවේදනය කළේ තමන් ගාලු මුවදොර භූමියෙන් ඊයේ දිනම ඉවත් වන බවය. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිටම ඔවුන් අට්ටාල සහ කූඩාරම් ඉවත් කිරීම ආරම්භ කළේය. අරගලභූමියේ ඔවුන් පවත්වාගෙන ගිය පුස්තකාලයේ සියලු පොත්පත් ද ඊයේ ඉවත්කරගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now