හෙට සිදුවන දැවැන්ත උද්ඝෝෂණය - වැඩි විස්තර මෙතනින්

Sri Lankan protests Sri Lanka
By Sithumi Apr 03, 2023 03:11 PM GMT
Report

වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේ, හෙට (04) දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවයි.

අද (03) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේ ෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ සමස්ථ මහජනතාව වෙනුවෙන් වෘත්තීය සමිති සියල්ල පෙනී සිටින බවය.

"අද සමස්ථ වෘත්තීය සමිත එකතුවෙලා තීරණයක් ගත්තා මේ අසාධාරණ නීතිවලට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම රටේ සමස්ථ මහජනතාව වෙනුවෙන් මේ වෘත්තීය සමිති මෙතනින් එහාට පෙනී සිටින බව අපි පැහැදිලිවම කියනවා."

එහිදි අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා,

"සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට දවසේ දවල් 12 කොළඹ කොටුවෙදී දැවැන්ත ව්‍යාපාරයක් පවත්වනවා. දසදහසකට වැඩි පිරිසක් කොළඹට රැගෙවිත් විරෝධය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. වෘත්තීය සමිති එකමුතුව හැටියට 10 වනදා කොළඹදී දැවැන්ත විරෝධතා රැළියක් පවත්වනවා. ඉල්ලන්නේ වැඩ වර්ජන නම් වැඩ වර්ජන දෙන්නත් සූදානම්."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now