විරෝධතාවයන් ගැන ජනපතිගේ ස්ථාවරය ප්‍රකාශ කරයි

Galle Face Protest Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 24, 2022 10:11 AM GMT
Report

සාමකාමීව, ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි අවධාරණය කරනවා.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග කොළඹ දී පැවති හමුවේ දීයි ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කළේ. නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටී විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණා. 

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වැනි වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙකම වත්මන් රජය විසින් තහවුරු කරන බවයි ඔහු මෙහිදී අවධාරණය කළේ.

රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණු සඳහා භාවිතා කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදිය යුතු බවට ඇමරිකානු සිවිල් නිදහස් සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළා.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කෙරුණා.

විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ බල ප්‍රදේශය තුළ පිහිටි පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබා දී තිබෙනවා.

GotaGoGama විරෝධතා අඩවිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූ කරුණු අසත්‍ය බවත්, එය ආරක්ෂක අංශ විසින් ඉවත් කර නොමැති බවත් මෙහිදී පැහැදිළි කෙරුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now