පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් අධිකරණයෙන් විශේෂ නියෝගයක්

Galle Face Protest SL Protest Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 19, 2022 11:05 AM GMT
Report

පාර්ලිමේන්තු මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එමගින් මුදලිගේ වසන්ත කුමාර, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු නම්කරන ලද 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බවය. 

පාර්ලිමේන්තුව අවස්ට මාර්ගවල විරෝධතා දැක්වීම හේතුවෙන් මහජන පීඩාවන් ඇතිවිය හැකි බවට දන්වමින් වැලිකඩ පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා වූ මාර්ගවල විරෝධතා දැක්වීම වළක්වාලමින් අධිකරණය විසින් මෙම ආඥාව නිකුත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now