විරෝධතාකරුවන් අත්පත් කරගත් මන්දිරවලට සිදු වූ හානිය පිළිබඳව විශේෂ විගණනයක්

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 16, 2022 04:31 PM GMT
Report

අරගල කරුවන් අතින් විනාශ වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල දේපළ සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ පෞරාණික දේපළ රැසක් විනාශ වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා තහවුරු කළහ.

මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

එම විනාශයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවද පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළේය. මන්දිරවල තිබී විනාශ වූ දේපළ අතර පෞරාණික වටිනාකම් සහිත ඒවා රැසක් වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now