ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු පිවිසුම අසලදී හමුදා සෙබලෙකුගෙන් t-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 60ක් පැහැර ගැනේ..!
Sri Lanka Army
Parliament of Sri Lanka
Sri Lankan protests
Sri Lanka
By Sewvandhi
ඊයේ රාත්‍රී කාලයේ රාත්‍රී කාලයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල අසල විරෝධතා විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.
මේ අතරින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සිට නාරාහේන්පිට පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී විරෝධතාකරුවන්ට මැදි වූ යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇති අතර ඔහු සතුව තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ හැටක් ඇතුලත් පතරොම් ගැබ් දෙකක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇති බවත් වාර්තාවනවා.
මෙම හමුදා සෙබලා වැල්ලවාය හමුදා කදවුර කට කඳවුරට අනුයුක්ත සෙබළකු බවයි පොලිස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |