දීර්ඝ සටනකින් අනතුරුව අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කර ගත් මොහොත..(VIDEO)
Gotabaya Rajapaksa
Ranil Wickremesinghe
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
විරෝධතාකරුවන් මල් පාරේ අගමැති කාර්යාලයට ඇතුළු වුනා. කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්‍යාලයය ඉදිරිපිට අද (13) උදෑසන සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස් ව සිටියා.
පොලිසිය හා යුද හමුදාව ඔවුන් පාලනය කිරීමට විවිධ උත්සාහයන් ද ගෙන තිබුණා. කඳුළු ගෑස් හා ජල ප්‍රහාර විරෝධතාකරුවන් වෙත අඛණ්ඩ ව එල්ල කිරීමට ද ඔවුන් කටයුතු කළා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්‍යාලයය වටා දිවයිනේ නන් දෙසෙන් පිරිස් පැමිනෙමින් විරෝධතා ව්‍යාපාරය දැඩි තීව්‍ර තත්ත්වයකට ගෙන ඒමට පියවර ගෙන තිබුණා.
ඔවුන් ආරක්ෂක අංශ සියලු බාධා බිඳ දමමින් අගමැති කාර්යාලය වෙත ඇතුළු වුණා.
කඳුළුගෑස් ජල ප්‍රහාර වලට මුහුණ දෙමින් ඔවුන් අගමැති කාර්යාලය අත්පත් කර ගත් ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |