ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී තියුණු ආයුධයක් සමග අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්ට සිදුවු දේ
Sri Lanka Police
Sri Lankan protests
Sri Lanka
SL Protest
By Sewvandhi
පොලිස් නිල ඇඳුමින් සැරසී තියුණු ආයුධයක් ද අතැතිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියදී කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ යාන්ත්‍රික පොලිස් සැරයන්වරයා ලබන 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද 11 නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පළමු පටුමග, සමගි මාවත, මාගම්මන , හෝමාගම පදිංචි පොලිස් ප්‍රවාහන කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරි කළ පොලිස් යාන්ත්‍රික සැරයන් වරයෙකි.
සැකකටයුතු අයුරින් පොලිස් නිල ඇඳුමෙන් සැරසී අපරාධයක් කළ හැකි පිහියක් අතැතිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැදී සිටියදී මෙම සැකකාර පොලිස් නිලධාරියා අද (11) පෙරවරු හතරයි දහයට එහි ප්‍රධාන දොරටුව අසලදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |