පකිස්ථානය රත් වෙයි..දැඩි ප්‍රචණ්ඩ තත්ත්වයක් - විශාල පිරිසක් අත්අඩංගුවට..!

Pakistan Imran Khan
By Sewvandhi Mar 18, 2023 04:35 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

 පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව ඇති නඩු විභාගයට මුහුණ දීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පිටත්ව යෑමෙන් පසු එරට ආරක්ෂක අංශ ඔහුගේ ලාහෝර් හි නිවස වෙත කඩා වැදී තිබේ.

ඒ, නිවසට ඇතුළුවීම වැළැක්වීමට යොදා තිබූ සියලුම බාධක ඉවත් කරමිනි. එම අවස්ථාවේ දී හිටපු අගමැති ඛාන්ගේ නිවසේ රැඳී සිටි ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ආරක්ෂක අංශවල මෙම ක්‍රියාකලාපයත් සමග ඛාන් පාර්ශ්වකරුවන් ප්‍රචණ්ඩකාරී වීම හේතුවෙන් පාකිස්තානය පුරා නොසන්සුන් තත්ත්වයක් මතු වී ඇත. විරෝධතාකරුවන් පාලනයට එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

ඉස්ලාමාබාද් අධිකරණය අසලින්ද වාර්තා වූයේ නොසන්සුන් තත්ත්වයකි. මේ අතර ඛාන් පාර්ශ්වකරුවන් පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් 30 දෙනෙකු පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

ඒ සමගම හෙට දහවල් 12 වන තෙක් පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ දුරකථන සංවාද හැර සියලුම දුරකථන සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට එරට රජය කටයුතු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර මෙතනින්...