පාර්ලිමේන්තුව වැටලීමට කිසිවෙකු යන්න එපා..! ඊනියා නායකයන්ට රැවටෙන්න එපා..! අරගලයේ සාමාජිකයන් මෙන්ම ප්‍රබලයන් රැසක් ජනතාවගෙන් ඉල්ලයි..! (VIDEO)
Parliament of Sri Lanka
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
පවතින අර්බුදය විසඳිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
එම නිසා එය වටලා පහරදීම මිලිටරිකරණයට අතවැනීමක් හා මර්ධනයට පාර කපා ගැනීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ප්‍රචණ්ඩත්වයට කැමති කිසිඳු ජන පදනමක් නැති ඊනියා නායකයකුට රැවටී පාර්ලිමේන්තුව හෝ කතානායක නිවස වැටලීමට නොයන ලෙස අරගලයේ නිරත තරුණ ප්‍රජාවගෙන් ඔහු කාරුණිකව ඉල්ලා සිටිනවා.
දේශපාලන බලය වැඩෙන්නේ බාහු බලයෙන්, අවි බලයෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් නොව නිෂ්ප්‍රචණ්ඩත්වයෙන් හා අවිහිංසාවෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම සමාජ ක්‍රියාකාරී රැට්ටා ද වීඩියෝ මගින් ඉල්ලා සිටින්නේ කිසිවෙකු පාර්ලිමේන්තුව අසලට නොයන ලෙසයි.
එම වීඩියෝ පහතින...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
