හැමදාමත් කෙසෙල් කෑවොත් වන දෙයින් ඔබ පුදුම වෙයි..! - ප්‍රභේද 60ක් තිබෙන බව ඔබ දැන සිටියා ද..?
Banana
By Sewvandhi
ගිනිකොණදිග ආසියානු කලාපයේ සම්භවය ලද කෙසෙල් අද වනවිට ලොව පුරා ප්‍රභේද දහසක් පමණ විවිධ දේශගුණික තත්වයන් යටතේ වූවද ව්‍යාප්තව පවතින ඉතා ජනප්‍රිය, රසවත් මෙන්ම ගුණවත් ආහාරකි.
නැවුම් පළතුරක් මෙන්ම එළවළුවක් ලෙසද කෙසෙල් ඉතා ජනප්‍රියය. විවිධ දේශගුණික හා කාලගුණික තත්ත්වයන් යටතේ ඉතා පහසුවෙන් රෝපණය වන නිසාම කෙසෙල් ගසක් නොමැති ගෙවත්තක් නැති තරම්ය.
- අතීත ශ්‍රී ලංකාවේ කෙසෙල් ප්‍රභේද 60ක් පමණ හමුවුණු බව පොත පතෙහි සදහන් වේ. වර්ථමානය වනවිට එය ප්‍රභේද 30කට පමණ සීමා වී ඇති බවද වාර්තාවල සදහන්වේ.
- මියුසේසියෙ (musaceae) ශාක කුලයට අයත් වන කෙසෙල් ප්‍රභේදය අනුව පලතුරුක් (Banana) ලෙස හෝ එළවළුවක් (Plantain) ලෙස ආහාරයට එකතු කරගත හැක.
- ඇඹුල්, ආනමාලු, ඇම්බන්, කෝලිකුට්ටු, සීනි කෙසෙල්, රතඹරා වෙළෙඳපොළ පවතින ජනප්‍රිය ප්‍රභේද වන අතර සුවදැල්, නෙත්‍රා පලම් මිලෙන් අධික බහුලව හමු නොවන කෙසෙල් ප්‍රභේද වේ.
- අලු කෙසෙල් ,බිං කෙසෙල්, කිතල, ඇටමුරු, මරතමාන සහ මෝන්දන් යන කෙසෙල් ව්‍යංජනයක් ලෙස ආහාරයට ගන්නා ප්‍රභේද අතර වේ.
- කෙසෙල් ශක්ති ජනක ආහාරකි. කෙසෙල් මදයේ ඇති මෘදු බව නිසාම එය ආහාර ජීර්ණය පහසු කරයි. කෙසෙල් වල තන්තු වර්ග දෙකක් අඩංගු වේ.
- එක් තන්තු වර්ගයක් (soluble fibre) ජීර්ණය වන ආහාර වල අඩංගුවන සීනි සහ කොලෙස්ටරෝල් ශරීරයට උරා ගැනීම අවම කිරීම මගින් රුධිරගත සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. කෙසෙල් වල අඩංගු අනෙක් තන්තු (Insoluble fibre) මගින් මලබද්දය අවම කරයි.
- කෙසෙල් විටමින් රැසකින් සමන්විතය. එහි අඩංගු කැරටිනොයිඩ් (Provitamin A), විටමින් C, විටමින් E මගින් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් කරයි.
- ෆ්ලෙවනොයිඩ්, ෆිනොලින් කෙසෙල් වල අඩංගු වන විටමින් නොවන ප්‍රතිඔක්සිකාරක මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන අතර පිලිකා වලට එරෙහිව සටන් කිරීම, ආතරයිටීස් වැනි සන්ධි රෝග ඇතිවීම වැලැක්වීම මෙන්ම සමෙ ආසාදනයන් ඇතිවීම වළක්වාලීමට උපකාරී වේ.
- එහි ඇති හිතකර මේදය මගින් සහ ප්රතිඔසිකාරක මගින් හෘද රෝග ඇතිවීම, රුධිර වාහිනි තුල ලේ කැටි ඇතිවීම වළක්වාලයි. විටමින් B (Vitamin B1,B2, B3 ) වලින් පිරිපුන් කෙසෙල් රුව වඩන ,සම නීරොගීමත් කරන ආහාරකි.
- කෙසෙල් වල ඇති ලවණ සැලකීමදී, අධිරුධිර පීඩනයට හේතු වන සෝඩියම් සාපේක්ෂව අඩු මට්ටමක පවතින අතර අධි රුධිර පීඩනය පාලනය කරන, වළක්වන පොටසියම් වලින් බහුල වේ.
- අස්ති වර්ධනයට අවශ්‍ය කැල්සියම් අයන, රක්තහීනතාවය වලක්වන යකඩ අයන, ශරීරයේ විවිධ එන්සයිම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සින්ක්, මැග්නීසියම්, මැන්ගනීස් වැනි අයන වලින් සමන්විත වේ.
- ස්නායු පද්ධතියහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන සෙරටොනින් වැනි සතුටින් සිටීමට වැදගත් වන රසායනික අතින් පොහොසත් නිසාම කෙසෙල් ආහාරයට එකතු කරගැනීමෙන් ශරීරය මෙන්ම සිතද ප්‍රබෝධමත් කරයි.
වෙළෙඳපොළේ බහුලව මිලදී ගැනීමට පවතින නිසාමත්, වසර පුරාම ඵලදාව ලබාදෙන වස විසෙන් තොරව ගෙවත්තේ පහසුවෙන් වගා කරගත හැකි ආහාරක් නිසාමත් ලොකු පොඩි සියලු දෙනා අතරම ජනප්‍රියය. රසයෙන් ගුණයෙන් පිරිපුන් මෙම ස්වභාවික ආහාරය දිනපතා නිසි ආකාරව ආහාරයට එකතු කරගැනීමෙන් නීරොගීමත් දිවියකට පිය තබමු.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |