මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ට ජනපති දෙන්න හදන දේ

Ranil Wickremesinghe Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Sewvandhi Jul 21, 2024 10:34 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන්කර නැවත මෙරටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බවයි.

එමෙන්ම, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

විගමනික ශ්‍රමිකයන් ශ්‍රි ලංකා ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගයිම සඳහා දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති “විගමනික හරසර” වැඩසටහන මෙලෙස වයඹ පළාතින් ආරම්භ කෙරුණු අතර කුරුණෑගල, පුත්තලම අනුරාධපුරය, මාතලේ හා කෑගල්ල දිස්ත්‍රික්කවල විගමනික ශ්‍රමිකයෝ 5,000ක් පමණ ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදුකරනු ලබන සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා විගමනික ශ්‍රමිකයින් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%