අවුරුද්දට සුභ පතන්න ටීචර්ව බලෙන්ම සිපගත් විදුහල්පති..!
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද(17) පස්වරුවේ, අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
61 හැවිරිදි දෙදරු පියකු වු මොහු කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
පොලිසිය සඳහන් කළේ, එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බවයි.
පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |