එල්.ටී.ටී.ඊ. ඇතුළු සියලු රැදවියන්ට ජනපති සමාව දෙන්න - ඥානසාර හිමිගේ කාර්ය සාධක බලකායෙන් නිර්දේශ..?
පුනරුත්තාපන හා සමාජ අන්තර්ග්‍රහණ ක්‍රියාවලියකින් පසු ඊලාම් යුද්ධයට අවතීර්ණය වූ සියලු පාර්ශ්වයන්ට අයත් රැදවියන්ව ජනාධිපති සමාව යටතේ මුදා හැරිය යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතිධුරය දැරූ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්දේශකර තිබෙනවා. ඔවුන්ගේ වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදුන් අතර මේ වනවිට එම වාර්තාවේ අඩංගු ඊට නිර්දේශ 43ක් ඇතුලත්.
අදාළ රැදවියන් ජනාධිපති සමාවක් යටතේ ආරක්ෂණ අධීක්ෂණ ක්‍රියාවලියකට යටත්ව මුදාහැරිය යුතු බවත් එසේ කිරීමේදී ඔවුන් සිදුකර ඇති බවට අධිකරණ ක්‍රියාවලියක් මගින් තහවුරු වූ වරදවල බරපතළකම නොසලකා හැරිය යුතු බවයි අදාළ නිර්දේශවල දැක්වෙන්නේ. එසේම මෙරට විශේෂ නීති වශයෙන් ක්‍රියාත්මක උඩරට නීතිය, මුස්ලිම් නීතිය සහ තේසවලාමෙයි නීතිය මෙරට සියලුම පුරවැසියන් එක් පොදු නීතියක් යටතට ගෙන ඒමේ අරමුණින් අහෝසි කිරීමටද නිර්දේශ කර තිබෙනවා.
ඒ ඊට අදාළව අහෝසි කළ යුතු හා සංශෝධනය කළ යුතු අඥා පනත් කිහිපයක්ද නම් කරමින්. එමගින් දක්වා ඇති තවත් නිර්දේශයක් වන්නේ සාම්ප්‍රදායිකව පුරුෂයන් විසින් ඉටුකරනු ලබන කාර්යයන් ඇතුළත් දියවඩන නිළමේ, බස්නායක නිළමේ වැනි ධුරයන් දැරීම හැර විහාරයන් සම්බන්ධ අනෙකුත් භාරකාර තනතුරු දැරීමට සහ දියවඩන නිළමේ වැනි ධුරයන් සඳහා පුද්ගලයන් තේරීම ආදී ඡන්ද විමසීම් සඳහා බෞද්ධ කාන්තාවන්ට ඉඩ සැළසෙන පරිදි බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කළයුතු බවයි.
ඊට අමතරව සමලිංගික සේවනයේ යෙදීම අපරාධමය වරදක් බවට පත් කිරීම ඉවත් කිරීමද මේ යෝජනා අතරට අයත්. කුලය යන සාධකය ප්‍රවර්ධනය කිරීම පිණිස ප්‍රසිද්ධ ජනමාධ්‍ය අවකාශය ලබා නොදීමට ජනමාධ්‍ය සඳහා වන නව ආචාර ධර්ම ඇතුළත් රීතීන් පිළියෙල කල යුතු බවද ඉන් නීර්දේශ කර තිබෙනවා. සෞඛ්‍ය අවශ්‍යතාවයන් වැනි තත්ත්වයන් හැරුණු කොට අනන්‍යතාව හඳුනාගත නොහැකි ආකාරයෙන් පූර්ණ වශයෙන් මුහුණු ආවරණය කරන ඇඳුම් පැළඳුම් පැළඳ පොදු ස්ථානයන්හි ගැවසීම නීතියෙන් තහනම් කළ යුතු බවයි එම කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇත්තේ.
එහි තවත් නිර්දේශයක් වන්නේ වෙළෙඳ සැල් තුළ හලාල් සහතිකය සහිත භාණ්ඩ සහ එම භාණ්ඩයටම හලාල් සහතිකය නොමැති භාණ්ඩ වෙන්ව තබා පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම ඇතුළු හලාල් සහතික කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2020 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි.
ඊට අමතරව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාර්ය පටිපාටියක් සහ දඬුවම් ප්‍රමාණයක් නියම කරමින්ද සාධාරණ විවේචනය වැනි අපහාසය පිළිබඳ දඩුවම් නොකළ යුතු ව්‍යාතිරේකී අවස්ථාවක් සඳහන් කරමින් පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමටද එහි අඩංගු නිර්දේශ අතරට අයත්. එසේම වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහා බදවා ගැනීමේදී ආදීවාසි ප්‍රජාවට නිශ්චිත කෝටා ක්‍රමයක් මගින් රැකියා අවස්ථා සම්පාදනය කළ යුතු බවටද එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිති කාර්ය සාධක බලකාය සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |