බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ විදුහල්පතිට ලැබුණු අධිකරණ නියෝගය.
බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට වසර 30ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
එමෙන්ම අතවරයට ලක් වු දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද ඊයේ (30) බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා නියෝග කළා.
වසර 09කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 15000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා වසර 30ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කරනු ලැබුවා.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්”එම්” මර්වින්ටයි.
2004 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |