නව අගමැති ධූරයට නම් 04ක්..තවත් ඡන්දයකට යන්න වෙයි.. රනිල් කාට දෙයිද?..

A D Susil Premajayantha Dinesh Gunawardena Dr Wijeyadasa Rajapakshe Sarath Fonseka Prime minister
By Aruna Jul 21, 2022 03:04 AM GMT
Report

ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරය ද මේ වන විට හිස්ව පවතිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අග්‍රාමාත්‍ය ධූරය හෙඹවූවේ රනිල් වික්‍රසිංහ මහතායි.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වූ අතර ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් ඔහු මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය ධූරය හිස්ව පවතිනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කරන්නනේ කවුරුන්දැයි අප විසින් සොයා බැලීමක් සිදු කළා.

එහිදී අනාවරණ වුණේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා සිව්දෙනෙකුගේ නම් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇති බවයි.

සබානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත් සහ විජේදාස රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකාද ඒ අතරට අයත්.

1993 වසරේදී ඩී බී විජේතුංග මහතා ජනාධිපති ධූරයට පත්වන අවස්ථාවේ සබානායකවරයා ලෙස කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහතායි.

ඒ අනුව ඔහු 1993 මැයි මස 07 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුණා.

මේ අතර 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගැනීමේදී තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් සිදුකළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද මේ වන විට වාර්තා පළවනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා සුදුසු තැනැත්තෙකු පත් කිරීමටද සූදානමක් පවතින බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේවෙතත් මීට පෙර වාර්තා වුණේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වුවහොත් එම පක්ෂයේ රුවන් විජේවර්ධන මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගන්නා බවයි.

නමුත් වික්‍රමසිංහ මහතා ජනපති වීමෙන් අනතුරුව එම පුරප්පාඩු මන්ත්‍රීධූරය සඳහා කවුරුන් තෝරාගන්නේද යන්න නිශ්චිතව දැනුම්දී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now