අත්‍යාවශ්‍ය භාණ්ඩ තුනක මිල පහතට.
Sri Lanka
By krishani
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහත දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
ඒ සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිලයි.
ඒ අනුව රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 310ක් ලෙසයි.
එමෙන්ම රුපියල් 230ක් ලෙස පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |