ඡන්ද වියදමට වැඩිද...? ඡන්දය යළිත් කල් යයිද..?

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 25, 2024 03:40 PM GMT
Report

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, මැතිවරණ වියදම් අඩුකිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ කිසිදු යෝජනාවකට මෙතෙක් කැබිනට් අනුමැතිය හිමිවී නැති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ, වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කොමිසමේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීය.

එහිදී වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර මහතා ප්‍රශ්න කළේ, ඡන්දය භාවිත කිරීමේදී ඇඟිලි පාට කිරීම සඳහා වැය වන වියදම අඩු කරගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්නය.

තීන්ත සඳහා රුපියල් ලක්ෂ 85ක පමණ වියදමක් යන බවත් එම වියදම වළක්වා ගත හැකි බවත් ඊට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

එමෙන්ම නිලධාරින් 14,000ක් සඳහා දින 3කට වැය වන වියදම් අඩු කළ හැකි බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා,

"ජනාධිපතිවරණයේ ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් නීතියක් වුණේ නැහැ. අපේක්ෂකයෝ වැඩිවීම හොඳයි. ඡන්ද පත්‍රිකාව දිගුවන සෑම අඟල් භාගයකටම වැල් පොලී ක්‍රමයට තමයි වියදම වැඩිවෙන්නේ. මුල දෙදෙනා හැර අනෙක් අය ඇප බේරාගෙන නැහැ.

ඉදිරිපත් වෙන බොහෝ දෙනා තවත් අයෙක්ව නියෝජනය කරන්නේ. තමන්ගේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තරග කරනවා නම් කමක් නැහැ. ස්වාධීන කණ්ඩායමක් සඳහා රුපියල් ලක්ෂ 31ක්. ඉන් ලක්ෂයක් නැවත නොදෙන තැන්පතු. පක්ෂයක් සම්බන්ධයෙන් ලක්ෂ 25ක්. මෙවර මැතිවරණයට පෙර සම්මත කර දෙන්න."

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%