හිටපු ජනපතිගේ නිල ධජය සොරාගත් පුද්ගලයාට සිදු වූ දේ
Gotabaya Rajapaksa
Sri Lanka
By Sewvandhi
ජනාධිපති නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අගෝස්තු 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඉකුත් ජූලි 9 වැනි දා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට මහජනතාව ඇතුළු වීමත් සමග මෙම පුද්ගලයා ද එහි ඇතුළු වී ඇති අතර, ඔහු එහි වූ ජනාධිපතිවරයාගේ නිල ධජය සොරා ගෙන තිබුණා.
පසුව ඔහු එය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කරනු අයුරු ඇතුලත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා.
සැකකරු ඊයේ (29) උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වී තිබූ අතර ඔහුව අද(30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණා.
උදේනි කළුතන්ත්‍රී නම් මෙම සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු වන අතර, සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා ද වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |